23rd November 2019 08:00:35 Hours
වසර 34 කට නොඅඩු සේවා කාලයක් සපුරමින් මාතෘ භූමියට අනුපමේය මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරාල් කපිල බංඩාර උදළුපොල ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිති කොටගෙන 2019 නොවැම්බර් මස 22 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සම්මාන පෙළපාලියක්, සියළු නිල තේපැන් සංග්‍රහයක් හා රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පී පල්ලාවෙල ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් කපිල බංඩාර උදළුපොල ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් මහත් හරසරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව වර්ණවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. අනතුරුව රණවිරු ස්මාරකය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී මියගිය රණවිරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වා සියළු නිල තේපැන් සංග්‍රහයකට (බනි සහ සැරයන් නිවස්නයේදී පැවැත්වූ) සහභාගී වු අතර නිළධාරී නිවස්නය මගින් රාත්‍රි භෝජන සංග්‍රහයක්ද සුදානම් කර තිබිණි.
එම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත පිරිනමන ලද සම්මාන පෙළපාලිය අතරතුරදී සහ නිළධාරී නිවස්න රාත්‍රි භෝජන සංග්‍රහයේදී භටපිරිස් ඇමතීමක් සිදුකල අතර තම රාජකාරි කාලසීමාව තුලදී නන් අයුරින් සහයෝගය ලබාදුන් සියළුම නිළධාරින් සහ සෙසුනිළයින් වෙත තම හෘදයාංගම ස්තූතිය ද පුදකරන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළුම නිළධාරින් නියෝජනය වන පරිදි නිළධාරී නිවස්නය වෙතින් සුදානම් කර තිබු රාත්‍රි භෝජන සංග්‍රහය සදහා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිළධාරීන් සහ ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ද සහභාගී විය.