Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th October 2019 15:08:42 Hours

මේජර් ජෙනරාල් එම් කේ ඩී පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ විශ්‍රාම යාම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විශ්‍රාම යාම වෙනුවෙන් සම්මාන පෙළපාලියක් රෙජිමේන්තු මධ්‍යස්ථාන‍යේදී පැවැත්විනි.

වසර 35 කට නොඅඩු සේවා කාලයක් සපුරමින් තම මාතෘ භූමියට අනුපමේය මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිතිකොටගෙන 2019 ඔක්තෝබර් මස 25 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සම්මාන පෙළපාලියක්, සියළු නිල තේපැන් සංග්‍රහයක් හා නිළධාරි නිවස්න රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් පිළිගනු ලැබූ අතර පසුව වර්ණවත් සම්මාන පෙළපාලියක් ලබාදීමෙන් හරසරට පත්කරන ලදී. අනතුරුව රණවිරු ස්මාරකය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී මියගිය රණවිරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වන ලදී. සිංහ රෙජිමේන්තු පුස්තකාලය ඉදිරිපිට සිදුකල රුක් රෝපනයෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් සියළු නිල තේපැන් සංග්‍රහයක් බලලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේදී පැවැත්වූ අතර නිළධාරී නිවස්නය මගින් රාත්‍රි භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබිණි.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත පිරිනමන ලද සම්මාන පෙළපාලිය අතරතුරදී භටපිරිස් ඇමතීමක්ද සිදුකල අතර තම රාජකාරි කාලසීමාව තුලදී නන් අයුරින් සහයෝගය ලබාදුන් සියළුම නිළධාරින් සහ සෙසුනිළයින් වෙත තම හෘදයාංගම ස්තූතිය ද පුදකරන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළුම නිළධාරින් නියෝජනය වන පරිදි නිළධාරී නිවස්නය වෙතින් සුදානම් කර තිබු රාත්‍රි භෝජන සංග්‍රහයක් සදහා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිළධාරීන් සහ ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ද සහභාගී විය.