Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th September 2019 19:13:51 Hours

මේජර් ජෙනරාල් ආර්ඩබ්ඩබ්ඒඩීබී රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ විශ්‍රාම යාම

මේජර් ජෙනරාල් ආර්ඩබ්ඩබ්ඒඩීබී රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විශ්‍රාම යාම වෙනුවෙන් සම්මාන පෙළපාලියක් රෙජිමේන්තු මධ්‍යස්ථාන‍යේදී පැවැත්විනි.

වසර 35 කට නොඅඩු සේවා කාලයක් සපුරමින් මාතෘ භූමියට අනුපමේය මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරාල් ආර්ඩබ්ඩබ්ඒඩීබී රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිති කොටගෙන 2019 සැප්තැම්බර් මස 21 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සම්මාන, පෙළපාලියක් හා සියළු නිල තේපැන් සංග්‍රහයක් හා රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් ආර්ඩබ්ඩබ්ඒඩීබී රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර පසුව වර්ණවත් සම්මාන පෙළපාලියක් ලබාදීමෙන් හරසරට පත්කරන ලදී. අනතුරුව රණවිරු ස්මාරකය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී මියගිය රණවිරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වන ලදී. පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් බනි සහ සැරයන් නිවස්නයේදී පැවැත්වූ අතර නිළධාරී නිවස්නය මගින් රාත්‍රි භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබිණි.