Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th January 2025 11:49:54 Hours

පාසල් අභ්‍යාස පොත් ප්‍රධානය කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වාර්ෂික දානමය පිංකමට සමගාමීව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමාගේ සංකල්පයකට අනුව සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණී නෙලූකා නානායක්කාර මැතිණීයගේ මගපෙන්වීම යටතේ මෙම රෙජිමේන්තුවට අයත් රණවිරුවන්ගේ 2025 වර්ෂයේ පාසල් අධ්‍යාපනය හදාරනු ලබන දූ දරුවන් 2748 දෙනෙකු හට අවශ්‍ය කරන පාසල් අභ්‍යාස පොත් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී.

අදාල අභ්‍යාස පොත් රණවිරු දූ දරුවන් 30 දෙනෙකු හට සංකේතාත්මකව ලබාදීම 2024/12/29 වන දින සිදුකරන ලද අතර අනෙකුත් දූ දරුවන් හට එම පාසල් අභ්‍යාස පොත් ඔවුන් හට ලබාදීමට කටයුතු සිදුකර ඇති අතර මෙම උත්සව අවස්ථාව සදහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් WPADW නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් රැසක්ද, සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණී නෙලූකා නානායක්කාර මැතිණිය ඇතුලු සේවාවනිතා සාමාජිකාවන් විශාල පිරිසක්ද සහභාගි විය.

අදාල අභ්‍යාස පොත් ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි පහක (රු:2,500,000.00) පමණ මුදලක් වැයදරා ඇත.