Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th March 2018 15:21:03 Hours

දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක

දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 85 සහ 86 ට අයත් කෙඩෙට් නිලධාරින් සිය පාඨමාලාවේ එක් අංගයක් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස කඳවුර තුල සිකුරාදා (09) දින කේෂ්ත්‍ර සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ඇතුළු ‍එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් රෙජිමේන්තු පරිශ්‍රයේදී සංචාරක කෙඩෙට් නිලධාරින් සහ උපදේශක මණ්ඩලය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත එම රෙජි‍මේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් අනිල් පෙරේරා විසින් සිංහ රෙජිමේන්තුවේ කාර්යභාරයන් සහ කඳවුරු සැකැස්ම පිළබඳ දල අදහසක් කෙඩෙට් නිලධාරීන් හට ලබාදෙන ලදි.

අඹේපුස්ස, සිංහ රෙජිමේන්තු සංචාරය සඳහා කෙඩෙට් නිලධාරින් 61 ක්, පාඨමාලාභාර නිලධාරින් 5 ක් සහ උපදේශක සෙසුනිලයින් 18 ක් එක්ව සිටියහ.

කෙඩෙට් නිලධාරින් නික්ම යාමට පෙර ඔවුන් විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල වෙත සමරු සිහිවටනයක් පිරිනමනු ලැබීය.