Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th February 2018 20:32:08 Hours

තවත් සුභ සාධන ව්‍යාපෘතියක් සිංහ විරුවන් හට

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය කඳවුර දහසකට අධික සිංහ රණවිරුවන් හට නිවහනක් බඳු වන අතර, එහි ක්‍රියාන්විත හේතුන් මත මෙන්ම විවිධ හේතුන් මත තුවාල ලැබූ සිංහ රණවිරුවන් ද විශාල ප්‍රමාණයක් රාජකාරි කරනු ලබයි.

ආබාධිත තත්ත්වයට පත්ව ඇති රණවිරුවන් ඇතුළු සියලුම භට පිරිස්හි දෛනික පෞද්ගලික ප්‍රවාහන අවශ්‍යතාවයන්ට සපුරා ගැනීමේදී විශාල වශයෙන් සිය මුදල් වැය කිරීමට සිදුවන අතර, ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වූ වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ පී ද ඉසෙඩ් වික්‍රමරත්න ආර්ඩබ්පී එන්ඩීයූ පීඒස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නවමු අදහසකට අනුව සුභ සාධක නැනෝ කාර් රථ සේවාවක් අද දින (7) සුභ මොහොතින් සෙබළ අයිතියට පත්කල වගයි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භඨ පිරිස් වෙත දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අවශ්‍යතාවයක මල්ඵල ගැන්වීමක් වශයෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා රෙජිමේන්තු අරමුදල් වැයකර නැනෝ කාර් රථ මිලදී ගෙන ඇති අතර, එමගින් සිංහ රණවිරු ගමනාගමන අවශ්‍යතාවයන් ඉතා පහසු මිලකට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්යපස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදී.