Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

28th October 2021 08:05:03 Hours

උසස්වීම් ලැබු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වෙනුවෙන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජි.ඩබ්ලිව්. විමලසේන විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුහ.

ඉන් අනතුරුව, උසස්වීම් ලැබු මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළේය.

ඉන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනැමුවේය. ඉන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් උසස්වීම් ලැබු මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගි වූහ.