Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

21st June 2022 12:59:01 Hours

උසස්වීම් ලැබු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 68 පාබල සේනාංකයේ, සේනාංකාධිපති, මේජර් ජෙනරාල් රොහාන් පොන්නම්පෙරුම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් සම්ප්‍රදායනුකූලව 2022 ජූනි 18 වන දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කඳවුර වෙත පැමිණී එතුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වජිර අමරසිරි විසින් උණුසුම් ලෙස පිළිගත් අතර එතුමන් වෙත ආරක්‍ෂ මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරි, මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමුහ.

අනතුරුව, උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් රොහාන් පොන්නම්පෙරුම, මවුබිම වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින්, රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළේය.

ඉන්පසුව, රෙජිමේන්තු මධ්‍යස්ථාන බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ තේ පැන් සංග්‍රහයක් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් රොහාන් පොන්නම්පෙරුම ජ්‍යෙෂ්ඨ නිළධාරි හට පිලිගැන්වූ අතර, ඔහු මතක සටහයක් ලෙස නිලධාරී නවස්නය ඉදිරිපිට සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන මහතා විසින් මේජර් ජෙනරාල් රොහාන් පොන්නම්පෙරුම මහතා උණුසුම් අයුරින් පළිගත් අතර ඔහු මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම සංකේතවත් කරමින් සමරු තිලිනමක්ද පිරිනැමුහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා ඔවුන්ගේ භාර්යාවන් රැසක් ද සහභාගි වූහ.