27th May 2025 15:40:01 Hours
උසස්වීම් ලද ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩිසි වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 මැයි මස 25 දින රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩිසි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. අනතුරුව, සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීම සඳහා මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් සරඹ භූමිය වෙත කැටුව ගියේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩිසි කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
මේජර් ජෙනරල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩිසි මවුබිම වෙනුවෙන් දිවිපිදූ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකළේය.
රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් සියලු නිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.
නියොජ්‍ය ආරක්‍ෂක සේනා ආඥාපති - බාටහිර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී විසින් උසස්වීම් ලද මේජර් ජෙනරල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩිසි වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රධානය කළේය