Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

17th September 2019 14:33:51 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිවු හි නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එච් ජේ සෙනෙවිරත්න ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු රාජකාරී අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිවු හි 11 වන ආඥාපති වශයෙන් පත් වු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එච් ජේ සෙනෙවිරත්න ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් 2019 සැප්තැම්බර් මස 16 වන දින යෙදුන සුභ මොහොතින් රාජකාරී ආරම්භ කරන ලදී.

නව ආඥාපති තුමන්ගේ සම්ප්‍රාප්තිය සමග ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 14 වන බළඇණිය විසින් කඳවුරු ආරක්‍ෂක මුරයක් හා සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව භටපිරිස් අමතන ලද නව ආඥාපති තුමන් රුක් රෝපනයක්ද සිදු කරන ලදී. එම උත්සවයේ අවසාන අංගය වු සියළු නිළ තේ පැන් සංග්‍රහය සඳහාද නව ආඥාපති තුමන් සහභාගී විය.