Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

22nd December 2021 08:03:14 Hours

8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පරිඝණක උපාංග පරිත්‍යාගයක්

8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩී.සී.එස්.කේ. අතුකෝරල විසින් දියත් කරනු ලැබූ ප්‍රජා මූලික ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරමින් ජපානයේ ටෝකියෝ වෙබ් පාසලේ අනුග්‍රාහකත්වය මත කෑගල්ල, බෙරගල ප්‍රදේශයේ පිහිටි ‘ශ්‍රී බෝධිරාජ ළමා ගම්මානයේ’ සහ ශාන්ත ජෝන් ළමා නිවාසයේ වෙසෙන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පරිඝණක උපාංග පරිත්‍යාග කරන ලදී.

ළමා නිවාසවල වෙසෙන දරුවන්ගේ තාක්‍ෂණික දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රයෝජනවත් වන ලැප්ටොප් පරිඝණක, තිර සමඟින් multimedia පද්ධතියක් සහ තවත් පාසල් උපකරණ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ගේ සම්බන්ධීකරණයෙන් මෙලෙස බෙදාදෙන ලදී.

මෙම වැඩසටහන යටතේ ළමා නිවාස දෙකෙහිම නේවාසික දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත්, කවකටු පෙට්ටි, ලිපි ද්‍රව්‍ය, පෑන් සහ පැන්සල් ආදිය බෙදාදෙන ලදී. මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී. උඩෝවිට සමඟින් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩී.සී.එස්.කේ. අතුකෝරල එක්වූහ.

මෙම අවස්ථාවට ළමා නිවාසයන්හී බලධාරීන්, ගුරුවරුන් සහ දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.