Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th January 2024 22:05:00 Hours

31 වන වරටත් අඛණ්ඩව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දිවංගත රණවිරුවන් සැමරේ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023 ඔක්තෝබර් මස 21 සිට 22 දින දක්වා කාලය තුළ රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්වීය.

මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූ අතර එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

අඛණ්ඩව 31 වන වරටත් පවත්වනු ලබන මෙම සැමරුම් උත්සවයේදී මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ එම රෙජිමේන්තුවේ නිලධාරීන් 144 දෙනෙකු සහ සෙසුනිලයන් 3720 දෙනෙකු වෙත පුෂ්පෝපහාර පුදකර පිං අනුමෝදන් කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවය ආරම්භ වීමට ප්‍රථම වරකාපොල නගරය සහ ඒ අවට ප්‍රදේශයේ පිහිටි බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික සිද්ධස්ථානයන්හි දී ආගමික වතාවත් පැවැත්විණි.

සැමරුම් උත්සවය පැවැත්වීමට ප්‍රථම පිරිත් සජ්ජායනාවක් පවත්වා භික්‍ෂුන් වහන්සේලා වෙත දානය පූජා කරනු ලැබීය.