28th July 2025 21:06:49 Hours
2025 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරගාවලිය 2025 ජුලි 27 වන දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදි නිමාවට පත්විය.
තරඟාවලිය සඳහා රෙජිමේන්තු කණ්ඩායම් එකොළහක් තරඟ වැදුණු අතර, එහි අවසන් තරඟය ශ්රී ලංකා සිංහ රෙජිමේන්තු අත්පන්දු කණ්ඩායම සහ ශ්රී ලංකා පාබල රෙජිමේන්තු අත්පන්දු කණ්ඩායම අතර පැවැත්විණි. තියුණු තරඟයකින් පසුව, ශ්රී ලංකා සිංහ රෙජිමේන්තු අත්පන්දු කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය.