Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

16th July 2022 22:48:06 Hours

2022 - රෝද පුටු ටෙනිස් තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එම්එම්එල් සේනාරත්න සම්මාන ලැබීය

2022 - යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා රෝද පුටු ටෙනිස් තරඟාවලිය 2022 ජූලි මස 11 දින සිට 12 දින දක්වා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු ටෙනිස් පිටියේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව (SLA), ශ්‍රී ලංකා පාබල හමුදාව (SLLI), ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව (SLSR), ගැමුණු හේවා බලකාය (GW), ගජබා රෙජිමේන්තුව (GR), විජයබාහු පාබල රෙජිමේන්තුව (VIR), විශේෂ බලකා රෙජිමේන්තුව (SF) සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව (SLNG) පැරා ක්‍රීඩකයින් මෙම තරඟාවලිය සඳහා එක් විය.

ගැමුණු හේවා බලකායේ රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයෝ තරගාවලියේ ශූරතාවය දිනා ගත් අතර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පැරා රෝදපුටු කණ්ඩායම් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවෙ මාණ්ඩලික සැරයන් එම්. එම්. එල් සේනාරත්න විසින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්හ.

කාලතුවක්කු හමුදා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්. එස්. කේ. එස්. එස්. හේවගේ ජ්‍යෙෂ්ට නිලධාරී විසින් තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවවේ ජයග්‍රහකයින්

දෙවන ස්ථානය - මාණ්ඩලික සැරයන් එම්. එම්. එල් සේනාරත්න
සැරයන් ඩබ්ලිව්. ජී. ජේ විජේසිරි
කෝප්‍රල් එස්. ඒ. එස්. පි වීරසිංහ