Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

01st April 2022 09:34:46 Hours

2022 කැරම් තරඟාවලියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ජයග්‍රාහකයින්

ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සඳුදා (21) දින ආරම්භ වූ අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සිකුරාදා (25) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අශෝක පීරිස් සහභාගි වුහ.

මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් තරඟ වැදුණු අතර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කණ්ඩායම පරාජයට පත් කරමින් විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය හිමිකරත්තේය. එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය තරඟාවලියේ කාන්තා අංශයේ ශූරතාව හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා සංඥා බලකායේ කාන්තා සෙබලියන්ට හිමිවිය.

තරඟාවලියේ ජයග්‍රාහකයින්ට සුබපැතුම් එක් කිරීම සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ. ජයග්‍රාහකයින්ට කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වුහ.

තරඟාවලියේ පිරිමි අංශයේ දක්‍ෂතම ක්‍රිඩකයාට හිමි කුසලානය රයිෆල් සෙබල ඩබ්ලිව්.එම්. මුෆාස් විසින් හිමිකරගත් අතර කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රිඩිකාවට හිමි කුසලානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල ගුණදාස විසින් හිමිකරගත්හ. ප්‍රවීණයන්ගේ අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල ආර්.එම්.එස්. රත්නායක තේරීපත්විය.