Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

30th March 2019 01:10:35 Hours

2019 පළමු කාර්තුවේ නිලධාරි පුහුණු දිනය සාර්ථකව පැවැත්විණි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2019 පළමු කාර්තුවේ නිලධාරී පුහුණුවීම් දිනය 2019 මාර්තු මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී විඑස්වි යුඑස්පි එන්ඩියු ගේ අධීක්ෂණය යටතේ පැවති එම වැඩසටහන සඳහා නිලධාරීන් 150 දෙනෙකු සහභාගී විය.

එදින වැඩසටහන උදෑසන සැසිවාරය ශාරීරික අභ්‍යාස වලින් ආරම්භ කර ඉන් අනතුරුව අසි සරඹද පසුව “යුධ සාහිත්‍ය හා කොකාවිල් ප්‍රහාරය” පිළිබද දැනුම වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව විශේෂ ආරාධිත දේශකයෙකු ලෙස මේජර් එස්සී එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ඉතා හරවත් දේශනයක් ද සිදුකරන ලදි. සන්ධ්‍යා කාලයේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන බළඇණිය මගින් “පුද්ගලික විශ්ව විද්‍යාල හදුන්වාදීම හා එය ලාංකීය අධ්‍යාපනයට බලපාන අයුරු” යන තේමාව යටතේ ඉදිරිපත් කිරීමක් ද සිදුකල අතර එය කාලීන ප්‍රවණතා සබැඳිව විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීමක් විය.

දිනය අවසානයේ “ඩයිනර්ස් ක්ලබ්” පවත්වනු ලැබූ අතර එහිදී නෙරන්ජන් මඩවල මහතා විසින් “ඔබ ගැන දැනගන්න” යන මාතෘකාව ඔස්සේ කාලින දේශනයක් පවත්වන ලදි.