Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

05th February 2018 18:00:47 Hours

2018 පළමු කාර්තුවේ නිලධාරි පුහුණු දිනය සාර්ථකව පවත්වන ලදී

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2018 පළමු කාර්තුවේ නිලධාරීන්ගේ පුහුණුවීමේ දිනය 2018 ජනවාරි 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. රෙජිමේන්තුව අධිපති වන මේජර් ජෙනරාල් ඒ.පි. ද ඉසෙඩ් වික්‍රමරත්න අර්ඩබ්පි එන්ඩියු පිඑස්සි ගේ අධීක්ෂණය යටතේ පැවති එම වැඩසටහන සඳහා නිලධාරීන් 251 ක් දෙනෙකු සහභාගී විය.

එදින වැඩසටහන උදෑසන සැසිවාරය, කායික පුහුණුවීම් වලින් ආරම්භ කර ඉන් අනතුරුව අසි සරඹද පසුව ශ්‍රී ලංකා යුධ හමුදා සංවිධානය, අරමුණ, කාර්යයන් හා ස්ථානගත කිරීම පිළිබද දැනුම වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව “ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංවිධානය, කාර්යභාරය, විහිදීම” යන මැ‍යෙන් දේශනයක් ද රෙජිමේන්තු අධිපති තුමා විසින් සිදුකරන ලදී. සවස් වරුවේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හත් වන බලඇණිය මගින් “එක්සත් ජාතින්ගේ කේෂ්ත්‍ර මෙහෙවර සහ එහි ඵලදායිතාවය” යන තේමාව යටතේ ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදී.

දිනය අවසානයේ “ඩයිනර්ස් ක්ලබ්” පවත්වනු ලැබූ අතර එහිදී කැළණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වන තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින් “යටත් නිලධාරීන් හට බලය පැවරීම” යන මාතෘකාව ඔස්සේ කාලින දේශනයක් කරන ලදී.