Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

28th March 2018 13:15:35 Hours

2018 දෙවන කාර්තුවේ නිලධාරි පුහුණු දිනය සාර්ථකව පැවැත්විණි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2018 දෙවන කාර්තුවේ නිලධාරී පුහුණුවීම් දිනය 2018 මාර්තු මස 27 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍රමරත්න අර්ඩබ්පි එන්ඩීයු පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ පැවති එම වැඩසටහන සඳහා නිලධාරීන් 200 දෙනෙකු සහභාගී විය.

එදින වැඩසටහන උදෑසන සැසිවාරය ශාරීරික අභ්‍යාස වලින් ආරම්භ කර ඉන් අනතුරුව අසි සරඹද පසුව ශ්‍රී ලංකා යුධ හමුදා “ප්‍රසම්පාදන ක්‍රියාවලිය” පිළිබද දැනුම වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව විශේෂ ආරාධිත දේශකයෙකු ලෙස ලුතිනන් කර්නල් ආර් රාජසිංහ - ශ්‍රීලයුපොදුසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ඉතා හරවත් දේශණයක් ද සිදුකරන ලදි. සන්ධ්‍යා කාලයේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පළවන බළඇණිය මගින් “ගෝලීය ත්‍රස්ථවාදය සහ එහි බලපෑම” යන තේමාව යටතේ ඉදිරිපත් කිරීමක් ද සිදුකල අතර එය ත්‍රස්ථවාදයේ මුලබීජයන් මෙන්ම එහි කාලීන ප්‍රවණතා සබැඳිව විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීමක් විය.

දිනය අවසානයේ “ඩයිනර්ස් ක්ලබ්” පවත්වනු ලැබූ අතර එහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වන සමන්ත රත්නායක මහතා විසින් “වගකීම සහ වගවීම” යන මාතෘකාව ඔස්සේ කාලින දේශනයක් පවත්වන ලදි.