Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

05th November 2019 16:08:46 Hours

12 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අභිමානවත් 12 වන සංවත්සරය සමරයි

12 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 12 වන බළඇණි සංවත්සර දිනය අභිමානවත් අයුරින් 2019 ඔක්තෝම්බර් මස 22 වන දින මාතර යටියන ස්ථානගත බළඇණි මුලස්ථානයේදී උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය.

12 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඒකක අණදෙණ නිළධාරීතුමන් වෙත පිරිනමන ලද කඳවුරු සම්මාන මුරයකින් සහ ආචාර පෙළපාලියකින් ඒකක සංවත්සර උත්සවය ආරම්භ කල අතර එයට සමගාමීව වරු පිරිත් සජ්ජායනාවක් ඇතුළු දානමය පිංකමක්, ලේ දන්දීමේ උත්සවයක්, සියළු නිළ භෝජන සංග්‍රහයක් සහ ක්‍රීඩා සන්ද්‍යාවක්ද පැවැත්විනි.