Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th February 2022 22:44:31 Hours

සිංහ සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම අඹේපුස්ස හිදී පැවැත්විණි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ (SLSR-SVB) වාර්ෂික මහ සභා රැස්වීම 2022 ජනවාරි 30 වන දින සිංහ රෙජිමේන්තුවේ අධිපති මෙන්ම ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ ගේ උපදෙස් පරිදි අඹේපුස්ස, සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී, COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා නියම කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් පැවැත්විණ.

සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දර්ශනී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට විධායක කමිටු සාමාජිකාවන් සහ සිංහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසක් සහභාගී විය.

මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවකින් අනතුරුව සේවා වනිතා ගීතයෙන් උත්සවයේ කටයුතු ආරම්භ විය. එහිදී දර්ශනී ලියනගේ මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සිදුකරන ලදි.

මෙම මහා සභා රැස්වීමේදී සිංහ සේවා වනිතා ශාඛාවේ කමිටුවලට අදාල නව සාමාජිකාවන් පත්කර ගන්නා ලදී. තවද සිංහ රණවිරුවන්ගේ දක්‍ෂතා දැක්වු දරුවන්ට ශිෂ්‍යත්ව හයක් පිරිනැමුණු අතර, එහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ විහඟ නිම්සර බණ්ඩාර හා 2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබාගත් චමිතු ගීසත් බණ්ඩාර, කවිශ්ක ෂෙහාරා මනුජය, සචිනි සදරේකා, එම්.ජේ.කේ.එන්.රත්නායක මෙන්ම අ.පො.ස උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද නිපුනි කෞෂල්‍යා යන සිසුන් ශිෂ්‍යත්ව ලැබූහ.

මින් අනතුරුව, සිංහ සේවා වනිතා ශාඛාවේ ලේකම් ජීවනී විමලසේන මහත්මිය විසින් පෙර පැවති මහා සභා රැස්වීමේ වාර්තා සභාගත කිරීම සිදු කිරීමෙන් අනතුරුව මහා සභා රැස්වීමේ කටයුතු සිදුකෙරුණි.

රැස්වීමේ කටයුතු අවසන් වීමෙන් පසු සිංහ රෙජිමේන්තු මධ්‍යස්තානයට පැමිණි සියලුම සේවා වනිතා සාමාජිකාවන් එක්ව දිවා ආහාරය බුක්ති විදින ලදී.