Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

02nd June 2022 11:47:49 Hours

සිංහ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය වැඩ භාර ගනී

සිංහ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනී ඔමිලා ජයවර්ධන මහත්මිය 2022 මැයි 23 වැනි දින අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සරල උත්සවයක් දී වැඩ භාර ගන්නා ලදී.

කාර්යාල පරිශ්‍රයට පැමිණි නව සභාධිපතිනිය එම ශාඛාවේ ලේකම් ජීවනී විමලසේන මහත්මිය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම අවස්ථාවට සහභාගී වූ සිංහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෂ්ට සාමාජිකාවන් කිහිප දෙනෙකුම එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

තවද, සිංහ සේවාවනිතා ශාඛාවේ උප සභාපතිනිය සහ රැස්ව සිටි අනෙකුත් ජ්‍යෂ්ට සාමාජිකාවන් නව සභාපතතිනියට සහ ඇයගේ පත්වීම සම්බන්ධයෙන් උණුසුම් සුබ පැතුම් එක් කළහ. ඊට අමතරව, සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටීමෙන් අනතුරුව උත්සව කටයුතු අවසන්විය.