Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

20th March 2018 13:31:16 Hours

සිංහ සේවාවනිතා සාමාජිකාවන් ලෝක කාන්තා දිනය සමරයි

ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තා දින වැඩමුළුවක් සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන‍යේදී 2018/03/10 දින හිටපු ගරු උප සභාපතිණියක වන රෝමා රාජගුරු මැතිණියගේ හා වත්මන් ගරු සභාපතිණී රුවිණී සුජීවා වික්‍රමරත්න මැතිණියගේ ප්‍රධානත්ව‍යෙන් පැවැත්විණි. මෙම වැඩමුළුව සඳහා සිංහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, මධ්‍යස්ථාන‍ සේනාවිධායක තුමන් හා මාණ්ඩලික නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.

එදින වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ දේශිකා අමා දිසානායක මහත්මිය විසිනි. ආරාධිත දේශිකාව විසින් ˝සාර්ථක විවාහ දිවියකට බිරිඳකගේ භූමිකාව˝යන මාතෘකාව යටතේ ඉතා හරවත් දේශණයක් සිදුකල අතර එය සැමගේ නොමද පැසසුමට ලක්විණි. මෙම වැඩමුළුවට සමගාමීව සිංහ සේවාවනිතාවන් දස‍දෙනෙකු සඳහා ජුකී මහන මැෂින් 05 ක් හා රුපලාවන්‍ය කට්ටල 05 ක් පිරිනමනු ලැබුවේ ස්වයං රුකියා ආරම්භකර සිය ජීවන තත්වය නගාසිටුවා ගැනීම සඳහා දෙනු ලැබූ සහයෝගයක් වශයෙනි.

කාන්තා දින වැඩමුළුව හා පරිත්‍යාග ප්‍රධානෝත්සවය නිමාවෙන් පසු සියළු සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සුහද හමුවක් පවත්වනුලැබූ අතර ඒ සඳහා රෙජිමේන්තු අධිපතිතුමන්ද සහභාගි විය.