Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

13th July 2018 12:01:19 Hours

සිංහ වර්ණ රාත්‍රීය උත්කර්ෂවත් ලෙස පැවැත්විණි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත අන්තර් රෙජිමේන්තු, ආරක්ෂක සේවා, ජාතික හා ජාත්‍යන්තර මට්ටම්වලින් විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණ ලබාදුන් ක්‍රීඩකයන් අගයනුවස් අගහරුවාදා (03) දින සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස සිංහ වර්ණ රාත්‍රීය සාර්ථකව අවසන් කරන ලදි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු අධිපති තුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙම වර්ණ රාත්‍රීයේදී සේවයේ නියුතු හා විශ්‍රාමික සිංහ රෙජිමේන්තු ක්‍රීඩා විරුවන් 112 කු සිය කුසලතාවන් වෙනුවෙන් සිංහ වර්ණයෙන් පිදුම් ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සියලුම සම්භාවනීය ආරාධිතයින් පිළිගනිමින් රෙජිමේන්තු අධිපති තුමන් පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබීය. වර්ණවත් රැගුම්, ගැයුම් වලින් සමන්විත වූ මෙම උළෙලේදී පියවරයන් 05 ක් යටතේ වර්ණ ප්‍රදානය සිදුකළ අතර, ඒ සදහා මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න(විශ්‍රාමික), මේජර් ජෙනරාල් දුෂාන්ත රාජගුරු, මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි විය.

අති උත්කර්ෂවත් වු මෙම සිංහ වර්ණ ප්‍රදානෝත්සවයේදී යුද්ධ හමුදාධිපති තුමන් විසින් සිංහ ක්‍රීඩකයන් හා ඔවුන්ගේ දක්ෂතාවයන් මහත් ඉහළින් ඇගයීමට ලක්කරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් රජීව වික්‍රමසිංහ විසින් ස්තුති කතාව සිදු කරන ලදි.