Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

02nd September 2020 21:54:31 Hours

සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මහ සභා රැස්වීම - 2020.08.29 දින

සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මහ සභා රැස්වීම හා සුහද හමුවක් 2020.08.29 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිණී ඉන්දු සෙනෙවිරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා සිංහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වන ලදී.

අදාල උත්සව අවස්ථාවේදී සිංහ සේවා වනිතා ශාඛාවේ තනතුරු සදහා නව කමිටු සාමාජිකාවන් පත්කර ගැනීම සිදුකරන ලදී.

මෙම අවස්ථාවේදී රණවිරුවන්ගේ දුවා දරුවන් හට ශීෂ්‍යත්ව ප්‍රධානය කිරීම සහ ක්‍රියාන්විතයේදී පාදය අහිමිවු රණවිරුවෙකු හට කෘතිම පාදයක් ප්‍රධානය කිරීම ද සිදු කරන ලදී.

ශීෂ්‍යත්ව ලබාදීම සෙ/32071 බනි 1 එම් ජස්ටින් පෙරේරා - 10 ශ්‍රීලංසිරෙ (මියගිය) එම් සුරාජි දේශානි පෙරේරා (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සෙ/363279 සැරයන් ගුණතිලක එම්එම්බී - 4 ශ්‍රිලංසිරෙ එම්එම්ඩී මලිනි සංදීපනි ගුණතිලක (2019 වර්ෂයේ අ:පො:ස (සාපෙළ) විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9 යි)

කෘතිම පාද ලබාදීම සෙ/377240 කෝප්‍රල් මදුසංඛ ආර්එම්එන් - රෙජිමුබ ශ්‍රීලංසිරෙ වාර්ෂික මහ සභා රැස්වීමෙන් අනතුරුව පවත්වන ලද සුහද හමුව සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ හිටපු ගරු සභාපතිණියන් වන අනෝමා ෆොන්සේකා මැතිණිය සහ රාණි ජයතිලක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.