Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

05th February 2018 17:31:39 Hours

සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ පරිත්‍යාග ලබාදීමේ වැඩසටහන

සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව මගින් පරිත්‍යාග ලබාදීමේ වැඩසටහනක් 2018.01.27 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිණි හා සෙනෙහස අධ්‍යාපන කේන්ද්‍රයේ නිර්මාතෘ සහ සභාපතිනි අනෝමා ෆොන්සේකා මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒපි ද ඉසෙඩ් වික්ර මරත්න ආර්ඩබ්ලිව්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී, සිංහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි රුවිනි සුජීවා වික්‍රමරත්න මැතිණිය, සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සේනාවිධායක බ්‍රිගේඩියර් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු නිලධාරීන් රැසක් ද සේවාවනිතා ශාඛාවේ ක්‍රියාකාරි සාමාජිකාවන්, සෙසු නිලයින්, භාර්යායවන් හා දුවාදරුවන් 120 දෙනෙකු පමණ සහභාගී වන ලදී.

මෙම අවස්ථාවේදී පහත සඳහන් වටිනාකමින් යුත් පරිත්‍යාග භාණ්ඩ ප්‍රධානය කල අතර යුද්ධ හමුදා නර්ථන කණ්ඩායම හා දෙරණ ලිට්ල් ස්ටාර් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ දියණියක් විසින් වේදිකාව නර්තනයෙන් අලංකාරවත් කරන ලදී.


වකුගඩු රෝගයෙන් පෙලෙන රණවිරුවන් 08 දෙනෙකු සඳහා ජල පෙරන යන්ත්‍ර 08ක් ලබාදීම.

රණවිරුවන්ගේ සුභසාධනය උදෙසා රණවිරු සේවා අධිකාරිය වෙත රෝද පුටු 20ක් සහ මුදලින් රු:200000.00 ක් රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිතුමිය වෙත පරිත්‍යාග කිරීම.

5 වසර ශිෂ්‍යත්වය සමත් දුවාදරුවන් 20 දෙනෙකුට සහ අපොස (සා/පෙළ) සමත් දුවාදරුවන් 20 දෙනෙකු හට රු:7000.00ක් පමණ වටිනාකමකින් යුත් පොත් කට්ටල ලබා දීම.

උපතේ සිටම ආබාධිත තත්වයෙන් පෙළෙන සෙ/366960 සැරයන් ඇලෙක්සැන්ඩර් පිජිඅයිබී යන ජ්‍යෙකොනොනිගේ දියණිය හට රු:185000.00 ක වටිනාමකින් යුත් විශේෂ ඇඳක් පරිත්‍යාග කිරීම.

සංගීත අංශයෙන් කැපීපෙනෙන දක්ෂතා දක්වන ලද පුතෙකු හට විදුලි ඕගනයක් පරිත්‍යාග කිරීම.

දුවාදරුවන් 4 දෙනෙකු සඳහා රු:15000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව පිරිනැමීම.