Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th February 2018 21:22:16 Hours

සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් තවත් පරිත්‍යාගයක්

සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව මගින් පරිත්‍යාග ලබාදීමේ වැඩසටහනක් 2018/02/25 දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිංහ සේවා වනිතා ශාඛාවේ හිටපු ගරු සභාපතිණියක වන රාණී ජයතිලක මැතිනණියගේ ප්‍රධානත්වයෙන් සිදුකරණ ලදී. මෙම අවස්ථාව සදහා සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනී රුවිනි සුජීවා වික්‍රමරත්න මැතිනිය, සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පි පල්ලාවෙල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුලු නිලධාරීන් රුසක්ද සේවාවනිතා ශාඛාවේ ක්‍රියාකාරී සාමාජිකාවන් හා ඔවුන්ගේ දුවා දරුවන්ද සහභාගි වන ලදී.

මෙම අවස්ථාවේදී පහත සදහන් වටිනාකමින් යුත් පරිත්‍යාග භාණ්ඩ ප්‍රධානය කල අතර යුද්ධ හමුදා නර්ථන කණ්ඩායමේ සාමාජිකයන් විසින් වේදිකාව නර්ථනයෙන් අලංකාර කරන ලදී.

වකුගඩු රෝගයෙන් පෙළෙන රණවිරුවන් 24 දෙනෙකු සදහා ජල පෙරණ 24 ක් සහ රණවිරු සේවා අධිකාරිය වෙත ජල පෙරණ 10 ක් ලබාදීම.

5 වසර ශිෂ්‍යත්වය සමත් දුවා දරුවන් 31 දෙනෙකු හා අ.පො.ස (සා/පෙළ) සමත් දුවා දුරුවන් 5 දෙනෙකු හට හා තවත් දරුවන් 14 දෙනෙකුට රුපියල් 12,000.00 ක වටිනා කමකින් යුත් ශිෂ්‍යත්ව 50 ක් ලබාදීම.

ස්වයං රුකියාවක් ආරම්භ කිරීම සදහා සෙබළ බිරිදකට රුපියල් 43,000.00 ක වටිනා කමකින් යුත් ජුකි මහන මැෂිමක් පරිත්‍යාග කිරීම.

ස්වයං රුකියාවක් ආරම්භ කිරීම සදහා සෙබළ බිරිදකට රුපියල් 29,000.00 ක වටිනා කමකින් යුත් රූපලාවණ්ය කට්ටලයක් පරිත්‍යාග කිරීම.