Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

05th February 2018 16:05:54 Hours

සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ අභිමංසල 2 සංචාරය

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකය මාතර, කඹුරුපිටිය පිහිටි අභිමංසල 2 සුවසහන නිකේතනයේ සංචාරයක නිරත වූ අතර, 12 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමඟ එක්ව එහි වෙසෙන රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් ප්‍රධානයක් හා දිවා භෝජන සංග්‍රයහයක් ද පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වටිනා භාණ්ඩ පරිත්‍යාග කරන ලදී.

සිංහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි රුවනි සුජීවා වික්‍රමරත්න මැතිනිය ප්‍රමුඛ සාමාජිකාවන්, නිලධාරි මඩුල්ල රණක්ෂිතයට පත් විරුවන් සමඟ විවිධ ඉසව් සඳහා සහභාගී වූ අතර, සිංහ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයෙන් ඔවුන් සමඟ විනෝද වීමටද අවස්ථාව ලැබුනි.