Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th February 2022 22:41:28 Hours

සිංහ රෙජිමේන්තු සේවා වනිතාවන් තෑගි සමඟ පාන්ගොල්ල ‘අබිමන්සල’ රැඳවියන් බලන්නට යයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ (SLSR-SVB) සාමාජිකාවන් 2022 ජනවාරි 30 වන දින වාර්ෂික මහා සභා රැස්වීමේ (AGM) කටයුතු නිමාවෙන් අනතුරුව පාන්ගොල්ල සුවතා නිකේතනය ‘අබිමන්සල’ වෙත පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසන ලදි.

සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය වන දර්ශනී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ශාඛාවේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් කිහිප දෙනෙකු මෙම සංචාරයට එක් විය. එහිදී ‘අභිමංසල’ රැඳවියන් දෙදෙනෙකු විසින් ඔවුන් පිළිගනු ලැබුහ.

එම අවස්ථාවේදී ‘අභිමංසල’ රැඳවියන් වෙත රසවත් දිවා ආහාරයකින් සංග්‍රහ කළ අතර ත්‍යාග පාර්සල් ද පිරිනමන ලදී.