Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

10th January 2020 18:22:27 Hours

සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ මහා සභා රැස්වීම

සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ මහා සභා රැස්වීම 2019.12.28 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණි ප්‍රියමාලි මුදන්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේවාවිධායක බ්‍රිගේඩියර් ඒපී පල්ලාවෙල ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමා ඇතුළු නිළධාරීන් රැසක් ද සේවාවනිතා ශාඛාවේ ක්‍රියාකාරී සාමාජිකාවන්, සෙසු නිළ භාර්යාවන් විශාල පිරිසක්ද සහභාලී වන ලදී.

මෙම උත්සව අවස්ථාවේදී වෛද්‍ය ගාමිණි සමරසිංහ මහකා විසින් බෝ නොවන රෝග පිළිබදව හරවත් දේශණයක් සිදුකරන ලදී. තවද මෙම අවස්ථාවේදී සිංහ සේවාවනිතා ශාඛාවේ තනතුරු සදහා නව කමිටු සාමාජිතාවන් පත්කර ගැනීමද සිදුකරන ලදී.