Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

16th July 2022 23:50:46 Hours

සිංහ රෙජිමේන්තු පැරා ක්‍රීඩකයින් අන්තර් රෙජිමේන්තු පැරා පාපැදි තරඟාවලි වර්ණවත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා ක්‍රීඩා තරඟාවලියේ තවත් එක් අංගයක් ලෙස 2022 - යුද්ධ හමුදා පැරා පාපැදි සහ රෝද පුටු මැරතන් ධාවන තරඟ 2022 ජූනි මස 03 වන දින අනුරාධපුර, රඹෑව නගරයේදී ආරම්භ විය.

මෙවර පැරා පාපැදි සහ රෝද පුටු මැරතන් ධාවන තරඟය අනුරාධපුර ගජබා රෙජිමේන්තු (GR) මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී.පී.අයි.ආර් කුමාර 2022 පැරා පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර එම තරඟයේ ගමන් මාර්ගය කිලෝමීටර 55 කට වඩා වැඩි දුරක් ආවරණය විය. ගජබා රෙජිමේන්තුවේ සහ ගැමුණු හේවා රෙජිමේන්තුවේ පැරා පාපැදි තරඟකරුවන් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත්හ.

එමෙන්ම අන්තර් රෙජිමේන්තු පැරා රෝදපුටු මැරතන් තරගය කිලෝමීටර් 23කට වැඩි දුරක් ආවරණය කරමින් පැවැති අතර එම තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජී.ජී.එස්. ගලහිටියාව සමත් විය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජේ.ජේ කොඩිතුවක්කු ජ්‍යේෂ්ට නිලධාරී සහභාගී වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස්. සෙනරත්යාපා ජ්‍යේෂ්ට නිලධාරී විසින් සරල උත්සවයකදී ජයග්‍රාහකයින් හට සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ පැරා තරඟකරුවන් අනුරාධපුරයේ පැවති මෙම උත්සවය දැක බලා ගැනීමට පැමිණ සිටියහ.