Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

03rd July 2019 13:17:20 Hours

සිංහ මේලා 2019 සාර්ථකව නිමවෙයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සංවිධානය කරන ලද සිංහ මේලා 2019 අධ්‍යාපන, වෙළද හා සංගීත ප්‍රසංගය අති විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් ජුනි මස 28 හා 29 දෙදින පුරාවට වරකාපොල මහජන ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්විණි.

රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුස්පි එන්ඩියු ජ්‍යෂ්ඨ නිලධාරීගේ පුර්ණ අධීක්ෂණය හා උපදෙස් මත සංවිධානය වු මෙම අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනයේ මුලික අරමුණ වුයේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මියගිය, සේවයේ නියුතු, ආබාධිත තත්වයට පත්වුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු ඉහල නැංවීමයි.

සිංහ මේලා 2019 අධ්‍යාපන, වෙළඳ ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගයේ ජුනි මස 28 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වූ අතර, ජුනි මස 29 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාන්ද සහභාගී විය.

තවද සිංහ මේලා 2019 අධ්‍යාපන, වෙළඳ ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගයට සමගාමීව දිනුම් අදින ලද ලොතරැයි දිනුම් ඇදීමෙන් පලමු ත්‍යාගය වශයෙන් රුපියල් 300.000.00 ක් වටිනා බජාජ් ඩිස්කවරි මොටර් බයිසිකලයක්, දෙවන ත්‍යාගය වශයෙන් රුපියල් 175000.00 ක් වටිනා සැම්සුන්ග් අගල් 49’’ 4K ස්මාර්ට් ටීවී එකක්, තෙවන ත්‍යාගය වශයෙන් රුපියල් 115000.00 ක් වටිනා සැම්සුන්ග් ඉන්වර්ටර් දොර දෙකේ ශීතකරයක් හා සැනසිලි තැගි වශයෙන් රුපියල් 25000.00 ක් වටිනා සැම්සුන්ග් ටැබ් පරිඝනක 5 ක් ද ලබා දෙන ලදී.

නිමි ඇදුම්, ආහාරපාන හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් වෙළඳ කුටි මෙන්ම විනෝද ක්‍රීඩා, යුධ හමුදා සංදර්ශණ හා රාත්‍රිය පුරාවට දිවෙන සංගීත ප්‍රසංගයන්ගෙන් සැණකෙළි භූමිය වර්ණවත් විය.