Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

02nd October 2019 20:20:41 Hours

ස්වේච්ඡා බලකා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2019 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී

ඉතා උද්යෝගිමත් හා උනන්දුවක් දක්වන වොලිබෝල් ක්‍රීඩකයින්ගේ අපේක්ෂාවන් සපුරාලමින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකාය විසින් 2019 සැප්තැම්බර් 23 සිට 25 දක්වා කොළඹ සුගදාදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය 2019 සාර්ථකව පවත්වන ලදී.

පිරිමි වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය 2019 සැප්තැම්බර් 25 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා පාබල හමුදාව අතර තරගය ආරම්භ විය. කණ්ඩායම් දෙක උද්යෝගයෙන් හා තරුණ ශක්තියෙන් යුතුව පිටියට පිවිසියේ පිටියේ සිටි ප්‍රේක්ෂකයින්ට මහත් ප්‍රීතියක් ගෙන දෙමිනි. අවසාන වශයෙන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර 2019 වසරේ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලියේ ශූරයන් විය.