07th July 2025 12:59:26 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා මුක්ත භට සංගමය 2025 ජුනි මස 06 වන දින 44 වන සංවත්සරය සමරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපති, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති සහ සිංහ රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ ප්‍රධාන අනුශාසක මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී වූ අතර, සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් එම්කේඩී පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යූඑස්පි එන්ඩියු (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදි.
ප්‍රථමයෙන් මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වමින් ආරම්භ වූ උත්සවයේ ඉදිරි වැඩ කටයුතු සංගමයේ සාමාන්‍ය කාර්යයන්ට අනුව සිදු වූ අතර, උත්සවයට සහභාගි වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිළයින් අමතමින් රෙජිමේන්තු අධිපති හරවත් දේශනයක් සිදු කලේය. තවද මෙම අවස්ථාවට විශාල සාමාජික පිරිසක් සහභාගි වු අතර, සංගමයේ අනාගත දිශානතිය, සාමාජිකයින්ගේ යහපැවැත්ම සහ ගැටළු පිළිබඳ සාකච්ඡා කලේය. සාමාජිකයින් අතර සුහදතාවය සහ එකමුතුකම වර්ධනය කරමින් පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකින් වැඩසටහන අවසන් විය.