Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

28th July 2022 11:36:02 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පැරා සවි උසුලන්නන් රන් පදක්කම් දෙකක් දිනා ගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා කමිටුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා සවි ඉසිලීමේ ශූරතාවලිය 2022 ජූලි 16 වන දින ‘රන්විරු සෙවණ’ රාගම හිදී පැවැත්විය.

සවි ඉසිලීමේ ශූරතාව ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් දිනා ගන්නා ලද අතර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව එහි 2 වන ස්ථානය සහ ගැමුණු හේවා බලකාය 3 වන ස්ථානය හිමිකරගත්හ.

ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බළකාය, ගජබා රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකාය නියෝජනය කරමින් පැරා බර ඉසිලීමේ ක්‍රීඩකයින් 40ක් පමණ තරගාවලියේ විවිධ බර පන්ති සඳහා තරඟ වැදුනි.

අවසන් මහා තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බි. එස් සෙනරත්යාපා ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගි විය. තරඟාවලිය අවසානයේ ජයග්‍රාහකයින්ට සහතිකපත්, පදක්කම් සහ කුසලාන ප්‍රදානය කිරීම ඔහු අතින් සිදු විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කමල් ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම හා එම බපඇණියේ අණදෙන නිලධාරී මේජර් ප්‍රසංජන මාතරආරච්චි ගේ සමීප අධීක්ෂණය යටතේ මෙම උත්සවය සම්බන්ධීකරණය සහ සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පදක්කම්ලාභීන් මෙසේය.

රන් පදක්කම්

ලුතිනන් කර්නල් එම් සී චන්ද්‍රසේන (විශ්‍රාමික) - කිලෝග්‍රෑම් 65 බර පන්තිය
සැරයන් ආර්.එම්.ජේ රත්නායක (විශ්‍රාමික) - කිලෝග්‍රෑම් 72 බර පන්තිය

රිදී පදක්කම්

කෝප්‍රල් සුපුන් කුමාර පි.කේ.එච් (විශ්‍රාමික) - කිලෝග්‍රෑම් 65 බර පන්තිය
කෝප්‍රල් සුපුන් කුමාර පි.කේ.එච් (විශ්‍රාමික) - කිලෝග්‍රෑම් 65 බර පන්තිය
රයිෆල් සෙබල අත්තනායක එස්.එස්.ආර් (විශ්‍රාමික) - කිලෝග්‍රෑම් 97 බර පන්තිය