Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th January 2019 10:53:21 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 2018 අන්තර් රෙජිමේන්තු කරාටේ ශූරතාවය දිනාගනී

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කරාටේ ක්‍රීඩකයින් අඛණ්ඩව හත්වන වරටත් යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාටේ ශූරතාවලිය දිනාගැනීමට සමත් විය. සමස්ථ තරඟාවලිය සඳහා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයන් 59 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන්ගේ සාමූහික උත්සාහයේ ප්‍රතිළුලයක් ලෙස රන් පදක්කම් 11, රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කම් 20 ක් වශයෙන් සම්පූර්ණ පදක්කම් 43 ක් සිංහ රෙජිමේන්තු නාමය ඉදිරියේ සටහන් කරවීමට හැකියාව ලැබිණි.

අවසන් දින සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක ජ්‍යෙෂ්ඨ නිළධාරී සහභාගී වූ අතර සිංහ රෙජිමේන්තුව නියෝජනය කරමින් මේජර් ජෙනරල් දුමින්ද කැප්පෙටිවලාන, මධ්‍යස්ථ සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල, ක්‍රීඩා නිළධාරී හා සිංහ ක්‍රීඩකයන් විශාල පිරිසක් සහභාගී විය.