Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

25th April 2018 15:16:50 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සූර්ය මංගල්‍යය සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ සිංහ සූර්ය මංගල්‍යය - 2018 සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සෙනසුරාදා (21) දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය.

රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණයෙන් සාම්ප්‍ර්‍රදායික ජන ක්‍රීඩා රැසකින් සමන්විත සිංහ සූර්ය මංගල්‍යය - 2018 උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු අධිපති තුමන් සහ එම මැතිණිය සහභාගී වූ අතර විශ්‍රාමික හා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එම මැතිණියන් ද රෙජිමේන්තුවේ සේවයේ නියතු නිලධාරී සෙසුනිලයින්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද සිංහ සූර්ය මංගල්‍යයට සහභාගී විය.