Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

05th February 2018 17:51:49 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් නේපාල යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත ගෞරවය පුදකරයි

නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් රාජේන්ද්‍ර චෙට්රි ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පි පීඑස්සී සමග විශේෂ හමුවක් ඉකුත් 2018 ජනවාරි 18 වන බදාදා දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

ඊට සමගාමිව නේපාල යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත “රෙජිමේන්තු යශ්ටිය” සමගින් සිංහ රෙජිමේන්තුවේ ආචාරය පුද කරන ලද අතර, එම සම්මාන මුරය ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන ලදී.

මෙම සම්මාන මුරය නිලධාරීන් තිදෙනෙකුගෙන් සහ සෙසු නිළයින් 51 දෙනෙකුගෙන් සමන්විත වූ අතර පෙළපාලියට අණදෙනු ලැබුවේ කපිතාන් කේ ටි වතුදුර විසිනි.