Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

14th November 2025 12:37:14 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වාර්ෂික රණවිරු අනුස්මරණ උත්සවයේදී දිවංගත රණවිරුවන් සිහිකෙරේ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 නොවැම්බර් මස 07 සහ 08 යන දිනයන්හී දි දිවංගත රණවිරුවන් සැමරුම් උත්සවයක් පැවැත්වීය.

ආරක්‍ෂක සේනා මුලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් සෙසුනිලයන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම උත්සවය අතරතුර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකය අසල පුෂ්පෝපහාර දක්වන ලද අතර, මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු නිලධාරීන් 144 දෙනෙකු සහ සෙසුනිලයින් 3760 දෙනෙකු වෙත පුෂ්පෝපහාර පුදකර පින් අනුමෝදන් කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍ර‍යේ පැවති සැමරුම් උත්සවය ආරම්භ වීමට ප්‍රථම වරකාපොළ නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ පිහිටි කතෝලික, හින්දු සහ ඉස්ලාමීය ආගමික සිද්ධස්ථානයන්හී දී ද, ආගමික වතාවත් පැවැත්විණී.

එදින රාත්‍රි පිරිත් සජ්ඣායනාවක් සහ පසුදින උදෑසන භික්‍ෂුන් වහන්සේලා 70 නමක් වෙත දානමය පින්කමක්ද පැවැත්විණි.