Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

02nd October 2019 20:43:20 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අභිමානවත් 63 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 63 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් 2019 ඔක්තෝම්බර් මස 01 වන දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය.

සංවත්සර දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සව මාලාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වනු ලැබූයේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ය. එතුමන් පිළිගනු ලැබූයේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පී පල්ලාවෙල ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසිනි.‍

කඳවුරු සම්මාන මුරය ලබාදීමෙන් අනතුරුව සරඹ භුමියේදී රෙජිමේන්තු අධිපතිතුමන් වෙත සාම්ප්‍රධානුකූල ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයන් එක්ව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයෙහි පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුදකරනු ලැබිය.

ඉන් පසු රෙජිමේන්තුවේ නිළධාරී සෙසුනිලයන් සමග එක්ව සියළු නිළ භෝජන සංග්‍රහයක් භුක්තිවිදින ලද අතර අනතුරුව ක්‍රීඩා සන්ද්‍යාවක්ද පැවැත්විනි. වැඩසටහන් පෙළගැස්මේ අවසන් අධියර වශයෙන් මහා සංගීත ප්‍රසංගයක් පැවැත්වු අතර ඒ සදහා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිළයන් සහභාගී විය.