Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th May 2018 22:49:23 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අභිමානවත් 62 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 62 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් මැයි මස 09 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්සේදී සමරනු ලැබීය.

සංවත්සර දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සව මාලාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වනු ලැබූයේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ය. එතුමන් පිළිගනු ලැබූයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පී පල්ලාවෙල ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසිනි.‍

කඳවුරු සම්මාන මුරය ලබාදීමෙන් අනතුරුව සරඹ භුමියේදී රෙජිමේන්තු අධිපතිතුමන් වෙත සාම්ප්‍රධානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව 62 වන සංවත්සරය වෙනුවෙන් මතක සටහනක් ලෙස පුස්ථකාල පරිශ්‍රයෙහි පැළයක් රෝපණය කරනු ලැබීය. ඊට සමගාමීව රෙජිමේන්තු අධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයන් එක්ව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයෙහි පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුදකරනු ලැබිය.

දිනයේ වැඩසටහන් පෙළගැස්මේ අවසන් අධියරන් වශයෙන් රෙජිමේන්තු අධිපති විසින් සියළු භට පිරිස් අමතන ලද අතර අවසාන වශයෙන් නිළධාරී සෙසුනිලයන් සමග එක්ව සියළු නිළ භෝජන සංග්‍රහයක් භුක්තිවිදින ලදී.