Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

02nd October 2019 20:28:33 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාව විසින් දූදරුවන් සඳහා අධ්‍යාපන උපකරණ හා ශිෂ්‍යත්ව මෙන්ම රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා රෝද ‍පුටු පරිත්‍යාග කිරීම.

ක්‍රියාන්විත කටයුතු වල නිරතව සිටියදී මියගිය, අබාධිත තත්වයට පත්වූ සහ දැනට සේවයේ යෙදීසිටින රණවිරුවන්ගේ දු දරුවන් හට සහ සිවිල් සේවා මහතුන්ගේ දූ දරුවන් හට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් 2019.09.28 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැත්විණි.

එහිදී දූ දරුවන් 50 දෙනෙකු සඳහා මසකට රු. 2500.00 බැගින් මාස 12 ක කාලසීමාවක් සඳහා වූ ශිෂ්‍යත්ව සහ අභ්‍යාස උපකරණ ප්‍රධානය කරන ලදී. තවද රෙජිමේන්තු මූලස්ථාන බළඇණියට අනියුක්තව රාජකාරී කරනු ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පරිහරණය සඳහා රෝද පුටු 18 ක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුකරන ලදී.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කනිෂ්ඨ නිලධාරීන් හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ශිරෝමි මාසකොරාළ ඇතුළු ක්‍රියාකාරී සාමාජිකාවන්, සෙසු නිලයන් හා භාර්යාවන් සහ දූ දරුවන්ද සහභාගී විය.