Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

25th August 2019 14:13:15 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු අනුස්මරණ හා වාර්ෂීක පිරිත් පිංකම 2019

30 වසරක කුරිරු ත්‍රස්ථවාදය මුලිනුපු‍ටා දමමින් වර්ෂ 2019 ක් වූ මැයි මස 19 දින ශ්‍රී ලාංකීය මාතෘ භූමිය, නිදහස්, සෛවරී දේශයක් බවට පත් කරමින් මුලු මහත් ශ්‍රී ලංකාවාසීන් වෙත නිවහල් දේශයක් බිහිකිරීම වෙනුවෙන් දිවි පිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් හා සෙසු නිළයන් සිහිකරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී දානමය පිංකමක් සහ සර්ව රාත්‍රීක පිරිත් දේශණයක් 2019 අ‍ගෝස්තු මස 24 සහ 25 යන දෙදින තුල පැවැත්විනි.

කුරිරු එල්‍ටීටීඊ ත්‍රස්ථවාදය තම මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් 144 ක් සහ සෙසු නිළයන් 3720 ක් දිවි පුදා ඇති අතර ඔවුන්ගේ ලගම ඥාතීන්ද මෙම දානමය පිංකමට සහ සර්ව රාත්‍රීක පිරිත් දේශණයට සහභාගී විය.

රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පි පල්ලාවෙල ආර්ඩබ්පි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආරාධනය මත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් කේ ඩි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්‍ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම උත්සවය සදහා සහභාගී විය. එමෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දැනට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කනිෂ්ඨ නිලධාරීන් හා සෙසු නිළයන්ද මෙම උත්වය සදහා සහභාගී විය.