Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

24th February 2018 20:00:15 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව මධ්‍යස්ථාන සේනාවිධායක රාජකාරී බාරගනී

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 25 වන මධ්‍යස්ථාන සේනාවිධායක වරයා වශයෙන් බ්‍රිගේඩියර් ඒ පී පල්ලාවෙල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සදුදා (19) දින ආගමික වතාවත් සදහා මුල්තැන දෙමින් සුභ මොහොතින් රාජකාරී බාරගන්නා ලදි.

එම අවස්ථාව සනිටුහන් කරමින් රාජකාරි ලිපි අත්සන් තැබීම සිදුකරන ලදි.

මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් සියලු නිලයන් අමතන ලද අතර එහිදී වසර 61 ක පෞඩ අභිමානයකට හිමිකම් කියන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානය තවතවත් ඉහල නැංවීමට ඇවැසි කටයුතු සිදුකරන බවට ප්‍රතිඥා දෙන ලදි.

අභිනව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සිය රාජකාරීන් බාරගැනීමේ මතක සටහනක් ලෙස පැළයක් රෝපණය කිරීමද සිදුකරන ලදි.

අනතුරුව සියළු නිළයින්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් ඇමතීමෙන් අනතුරුව එදිනට නියමිත වැඩසටහන අවසන් වන ලදි.