Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

17th June 2020 14:46:56 Hours

ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තු නිලධාරින් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගතකිරීම පිළිබඳ උගනී.

ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර ආඥාපති හා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්ජේ සෙනවිරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සහ සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණී ඉන්දු සෙනවිරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2020.06.13 වන දින වැඩමුළුවක් පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා සිංහ සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්/ සාමාජිකාවන් රැසක්ද මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඑම්පීඩී දිසානායක ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි/ නිළධාරින් විශාල පිරිසක් සහභාගී විය.

අදාල වැඩමුළුවේදී ප්‍රවීණ දේශක ලසන්ත කාරියප්පෙරුම මහතා විසින් ‘සතුටින් පිරි සොදුරු පවුලක්’ යන තේමාව යටතේ ඉතා හරවත් දේශණයක් පවත්වන ලදී.