Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

20th March 2018 19:52:08 Hours

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමය 39 වන සංවත්සරය සමරයි

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමය සිය අභිමානවත් 39 වන සංවත්සරය 2018.03.18 දින රෙජිමේන්තු මධ්‍යාස්ථානය අඹේපුස්ස කඳවුරේදී උත්සවත් ශ්‍රියෙන් සමරනු ලැබිය. මේ සදහා දහසකට අධික සිංහ සේවා මුක්ත සාමජිකයින් සහභාගි විය.

වර්තමාන ගරු සභාපති මේජර් ජෙනරාල් පරාක්‍රම පන්නිපිටිය (විශ්‍රාමික) මැතිතුමන්ගේ හා ගරු ලේකම් මේජර් නෝර්මන් ඥානපාල (විශ්‍රාමික) මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.

එදින උත්සව සභාවේ විශේෂිත අංගයක් වූයේ මේජර් ජෙනරාල් නිලයට උසස්වූ සිංහ රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු වෙත විශේෂිත සමරු ඵලකයන් පිරිනැමීමයි. මේජර් ජෙනරාල් ඩිසි කැප්පෙටිවලාන ආර්ඩබ්පී එන්ඩියු පිඑස්සී, මේජර් ජෙනරාල් ජිජේඑල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පී යුඑස්පී එන්ඩියු හා මේජර් ජෙනරාල් ඒ එම් ආර් ධර්මසිරි එන්ඩියු පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් මෙදින සමරු ඵලකයන්ගෙන් පිදුම් ලබනු ලැබිය.

ගරු සභාපති තුමන්ගේ ස්තුති කථාවෙන් පසු එදිනට නියමිත වැඩසටහන් නිමාවට පත්වූ අතර,අනතුරුව එලඹියේ සේවා මුක්ත සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කර තිබු සුහද හමුව හා සංගිත සංදර්ශණයයි. විනෝදකමි රසවත් හෝරා කිහිපයකින් පසු සියලු දෙනා නැවතත් මෙවැනිම සභා වාරයකින් හමුවන අරමුණ පෙරදැරිව සතුටින් විසිර ගියහ.