Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th February 2025 08:01:44 Hours

විශ්‍රාම යන බ්‍රිගේඩියර්වරුන් හට විශ්‍රාම පෙළපාලියක් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් විශ්‍රාම යන බ්‍රිගේඩියර් කේ ජී සී එම් එච් ගම්ලත් ආර්එස්පී යූඑස්පී, බ්‍රිගේඩියර් කේ ඒ එස් කේ සිරිවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ බ්‍රිගේඩියර් ජේ එම් ටී එන් බී කරුණාතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන්ට චාරිත්‍රානුකූල විශ්‍රාම පෙළපාලියක් 2025 පෙබරවාරි මස 5 වන දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ඒ අනුව, යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හට සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

ඉන පසු, විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීවරුන්ට හට චාරිත්‍රානුකූල ගෞරව ආචාර පෙළපාලියකින් ආචාරය පිරිනැමීය. පසුව, ඔවුන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අතර දවසේ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස මියගිය රණවිරුවන්ට අවසන් ආචාරය පිරිනමන ලදී. විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු නිල තේ පැන් සංග්‍රහයට එක්ව ඔවුන් සමූහ ඡායාරූපයක් සඳහා එක් වූ අතර, පසුව දිවා ආහාර සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නික්ම ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන්ට සමරු තිලිණද ප්‍රධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු මන්ත්‍රන සභා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.