Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

15th October 2020 11:26:07 Hours

ලෝක ළමා දිනයට සමගාමීව සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් සිදුකරන ලද වැඩසටහන් පෙළ

සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයට ආසන්න බෝතලේ අඹේපුස්ස ලිපිනයෙහි පිහිටි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හට රැකවරණය සලසන ‘අපේ ළමයි’ ළමා නිවාසයෙහි පිවිසුම් මාර්ගය සුද්ධ පවිත්‍ර කිරීම, ළමා නිවාස භූමිය සුද්ධ පවිත්‍ර කිරීම හා එම ගොඩනැගිලි වල තීන්ත ආලේප කිරීම මුලස්ථාන බළඇණියේ භඨ පිරිස් වල ශ්‍රම දායකත්වයෙන් 2020.10.01 වන දිනට පෙර දින වලදී සිදු කරන ලදී.

යුද්ධ හමුදා නිළධාරී/සෙසුනිළයින්ගේ 2019 වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත් දූ දරුවන් 03 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම හා ඊට සමගාමීව බෝතලේ අඹේපුස්ස ලිපිනයෙහි පිහිටා ඇති විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 55 දෙනෙකු සිටින ‘අපේ ළමයි’ ළමා නිවාසය සම්බන්ධ කරගෙන එම දරුවන්ගේ චිත්ත ධෛර්යය උසස් මට්ටමකට ගෙන ඒම සදහා විශේෂ ආහාර වේලක් ලබාදීම හා සංගීත වැඩසටහනක් 2020.10.01 වන දින පවත්වන ලදී. ඊට අමතරව දරුවන්ගේ සහ ළමා නිවාසයේ පරිහරනය සදහා අවශ්‍ය උපකරණ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මුල්‍යමය දායකත්වයෙන් පරිත්‍යාග කරන ලදී.

එම අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් දුලිත් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් ඇතුළු නිළධාරීන් රැසක්ද සිංහ සේවා වනිතා ශාඛාවේ ගරු ලේඛම් රෝහිනී දිසානායක මහත්මිය ඇතුළු සාමාජිකාවන්ද සහභාගී විය.