12th April 2026 10:01:47 Hours
සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපති තුමියගේ සංකල්පයකට අනුව සිංහ දිරිය පියස ව්‍යාපෘති මධ්‍යස්ථානයේ විවිධ ව්‍යාපෘති යටතේ රාජකාරී කරනු ලබන සෙසුනිලයින් හට සහ සිංහ සේවාවනිතා ශාඛාවේ කාර්යය මණ්ඩලය වෙත ඔවුන් විසින් සිදුකරන්නා වූ කාර්ය ඇගයීමට ලක්කරමින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තිළිණ ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සිංහ සේවාවනිතා ශාඛාවේ සභාපතිණී යමුනා අබේකෝන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026.04.10 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී.
මෙහිදී දිරිය පියස ව්‍යාපෘති මධ්‍යස්ථානයේ සහ සිංහ සේවාවනිතා ශාඛාවේ රාජකාරී සිදුකරනු ලබන රණවිරුවන් 30 දෙනෙකු සදහා තිලිණ ලබාදීම සිදුකරන ලද අතර, එම අවස්ථාව සදහා සිංහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක්ද සහභාගි විය.