Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

13th August 2019 18:49:37 Hours

මේජර් ජෙනරාල් ඩීසි කැප්පෙටිවලාන ආර්එස්පී එන්ඩීයු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විශ්‍රාම යාම වෙනුවෙන් සම්මාන පෙළපාලියක් රෙජිමේන්තු මධ්‍යස්ථාන‍යේදී පැවැත්විනි.

වසර 35 කට නොඅඩු සේවා කාලයක් සපුරමින් මාතෘ භූමියට අනුපමේය මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරාල් ඩීසි කැප්පෙටිවලාන ආර්එස්පී එන්ඩීයු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිති කොටගෙන 2019 අගෝස්තු මස 13 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සම්මාන, පෙළපාලියක් හා සියළු නිල තේපැන් සංග්‍රහයක් හා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් ඩීසි කැප්පෙටිවලාන ආර්එස්පී එන්ඩීයු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර පසුව කදවුරු සම්මාන මුරයක් හා වර්ණවත් සම්මාන පෙළපාලියක් ලබාදීමෙන් හරසරට පත්කරන ලදී. අනතුරුව රණවිරු ස්මාරකය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී මියගිය රණවිරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වන ලදී.

පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් බනි සහ සැරයන් නිවස්නයේදී පැවැත්වූ අතර නිළධාරී නිවස්නය මගින් දිවා භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබිණි. මෙම අවස්ථාව සදහා සහභාගී වූ ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති හා ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකා‍යේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස්පී යුඑස්පී විසින් විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාව උදෙසා සිදුකල සේවය අගයමින් විශේෂ ස්තූති කථාවක් ද පවත්වන ලදී.