Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

24th January 2020 20:52:32 Hours

මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ විශ්‍රාම යාම

වසර 34 කට නොඅඩු සේවා කාලයක් සපුරමින් මාතෘ භූමියට අනුපමේය මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිති කොටගෙන 2020 ජනවාරි මස 24 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සම්මාන පෙළපාලියක්, සියළු නිල තේපැන් සංග්‍රහයක් හා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පී පල්ලාවෙල ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් මහත් හරසරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව වර්ණවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. අනතුරුව රණවිරු ස්මාරකය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී මියගිය රණවිරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වා සියළු නිල තේපැන් සංග්‍රහයකට (බනි සහ සැරයන් නිවස්නයේදී පැවැත්වූ) සහභාගී වු අතර නිළධාරී නිවස්නය මගින් දිවා භෝජන සංග්‍රහයක්ද සුදානම් කර තිබිණි.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත පිරිනමන ලද සම්මාන පෙළපාලිය අතරතුරදී භටපිරිස් ඇමතීමක් සිදුකල අතර තම රාජකාරි කාලසීමාව තුලදී නන් අයුරින් සහයෝගය ලබාදුන් සියළුම නිළධාරින් සහ සෙසුනිළයින් වෙත තම හෘදයාංගම ස්තූතිය ද පුදකරන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළුම නිළධාරින් නියෝජනය වන පරිදි නිළධාරී නිවස්නය වෙතින් සුදානම් කර තිබු දිවා භෝජන සංග්‍රහය සදහා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිළධාරීන් සහ ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ද සහභාගී විය.